ජනපෝෂ පදනම නොමිලයේ ආහාර ලබාදීම නවත්වයි
දුරබැහැර ප්‍ර දේශවල සිට කොළඹ ජාතික රෝහල, කලුබෝවිල ශික්ෂණ රෝහල හා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් හා වෙනත් සේවා ලබාගැනීමට පැමිණෙන අසරණ ජනතාව වෙත නොමිලයේ ආහාර ලබාදීමට කටයුතු කළ ජනපෝෂ පදනම තම සමාජ සද්කාරය නවතා දැමීමට තීරණය කර තිබේ.
ඊයේ (25දා) සිට බලපැවැත්වෙන පරිදි මෙම කටයුතු අවසස් කිරිමට ඔවුන් කටයුතු කර තිබේ.
ජනපෝෂ පදනම මුලින්ම කෝළඹ ජාතික රෝහලින් මෙම සද්කාරය ආරම්භ කරනු ලැබූ අතර පසුව එය කලුබෝවිල ශික්ෂණ රෝහල හා මහරගම අපේක්ෂා රෝහල දක්වා ව්‍යාප්ත කළේය.
තම පදනම වසරකට අසරණ ජනතාව ලක්ෂ පහකට පමණ තම කුසගින්න නිවා ගැනීමට උපකාර කර ඇති බවත් එහිදී ජාතිය හෝ ආගම පිළිබඳව නොසැලකූ බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
තවදුරටත් ශ්‍රී ලංකාවේ අසරණ ජනතාව වෙනුවෙන් සේවය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කරන ජනපෝෂ පදනම පවතින වාතාවරණය යටතේ මෙම තීරණය ගැනීමට සිදුවූ බව සදහන් කරයි.
තම සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සලකා බලමින් මෙම තීරණය ගත් බවත් පදනම වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
-
Champa Wednesday, 26 June 2019 06:19 PM
මේකට සල්ලි හම්බ වෙන්නේ කොහෙන්ද? ගිය අවුරුද්දේ ඉඳන් වහල් ආණ්ඩුව කිව්වා එච්චර කල් කිසි අවහිරයක් නැතුව සිංහල බෞද්ධයන් දානමය පින්කමක් විදිහට කරපු වෙසක් සහ පොසොන් දන්සල් ලියාපදිංචි කල යුතුයි කියල. දැන් මේ ජනපෝෂ පදනම මේ විදිහට දන්සල් පවත්වා ගෙන ගියේ එහෙම ලියාපදිංචි කරලද? නැත්ද? ලියාපදිංචි කළා නම් කලේ පුණ්‍ය ආයතනයක් විදිහටද නැත්නම් NGO එකක් විදිහටද? වෙසක් දන්සල් ලියාපදිංචි කරන කොට වහල් ආණ්ඩුව දහසක් නීති දැම්ම ඒවායේ පිරිසිදු කම බලන්න ඕනේ, අරක මේක කියලා. දැන් ඒ විදිහට මේ ආයතනයේත් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම ගැන බැලුවද? මේවා ගැන අහන්නේ පැහදිලිවම බෞද්ධයන්ට දාන නීති අනිත් ජාතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න නැති බව පේන නිසා. නීතිය හැමෝටම එක හා සමාන විය යුතු නිසා. බෞද්ධ දන්සල් වලට එක නීතියකුත් මුස්ලිම් දන්සල් වලට තව නීතියකුත් තියෙන්න බැහැ. සියලු දන්සල් වලට එකම නීතියක් තියෙන්න ඕනේ. මුස්ලිම් වෛද්‍යවරයෙක් මහා පරිමාන සිසේරියන් දන්සලකුත් දමපු එකේ ඉස්පිරිතාල ළඟ දාන දන්සල් ඇතුළු සියලු දේ දිහා සිංහලයන් අවිශ්වාසයෙන් සැකයෙන් බලන එක නවත්තන්න බැහැ. තබපු විශ්වාසය කඩ කර ගත්ත නම් ඒක නැවත හදා ගාන්නත් ඕනේ ඒ ගොල්ලොමයි.
Reply : 203 79
h.s Deen Thursday, 27 June 2019 11:53 AM
එක එක්කෙනාගේ කෙනෙහිලිකම් නිසා මෙය නතර කරපු එක යහපත්. එම මුදල් පසුගිය කාලෙ අන්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක්ව දේපොළ අහිමි වූ අයට බෙදල දෙන්න? සිසේරියන් දන්සල පිලිබඳ පරීක්ෂණ වලින් එය ගොතපු අයට ළඟදීම දවල් තරු දැකගැනී.
Reply : 2 7
H.S Deen Thursday, 27 June 2019 11:55 AM
නියම දානපතියන් ආධාර කරන්නේ, සැණකෙළි ගෙන නොවේ ?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

